අද (19) දහවල් 2.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව සෙවනගල සීනි සමාගමේ වෘත්තිය සමිති පවසනවා.
ඌන උපයෝජිත වත්කම් පුනරුද පනත අහෝසි කිරීමට මෙවර අයවැයෙන් කළ යෝජනාව ඉවත් කරගන්නා ලෙස මෙහිදී ආණ්ඩුවට බලකරන බවයි එහි ප්‍රධාන ලේකම් ලලිත් ශ්‍රීපාල් පැවසුවේ.
සෙවනගල සීනි සමාගම ආණ්ඩුවට පවරා ගැනුණේ ද ඌන උපයෝජිත වත්කම් පුනරුද පනත යටතේයි. එම පනත අහෝසි කළහොත් සෙවනගල සීනි සමාගම නැවත එහි පෙර හිමිකරුවා වන අමාත්‍ය දයා ගමගේට පැවරෙනවා. එහෙත් සමාගමේ සේවකයන් ඊට එකඟ නොවන බවයි වෘත්තිය සමිති වැඩිදුරටත් අවධාරණය කළේ.
සිය වෘත්තිය සමිති අරගලයට තවත් වෘත්තිය සමිති ගණනාවක සහය පළකර ඇතැයි ද සෙවනගල සීනි සමාගමේ වෘත්තිය සමිතිය මෙහිදී කියාසිටියා.