ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කළ ක්ෂය රෝගය තුරන් කිරිම පිළිබඳ ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුව රුසියාවේ මොස්කව් නුවර දී පැවැත්වුණා.
ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය J.P Nadda අතර සුහද හමුවක් මොස්කව් නුවර දී සිදුව තිබුණා.
එහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ඉන්දියාවෙන් ලැබෙන දායකත්වය අගය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට ක්‍රියාත්මක ඉන්දීය ගිලන් රථ සේවාව පිළිබඳව ද සාකච්ඡා කළා.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීමට තවදුරටත් සහයෝගය ලබාදෙන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.