බීර මිල අඩු කිරිමට අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනාව ඉදිරියේදී වෙනස් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
බීරවල මිල අඩු කළ ද ලොව කිිසිදු රටක සැර මත්පැන් භාවිතය අඩුවී නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
බීර මිල අඩු කිරීමත් සමග වයස අවුරුදු 25ට අඩු තරුණ තරුණයින් ඒ සඳහා යොමුවීමට වැඩි ඉඩකඩක් පවතින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.