කෘතීම මත්ද්‍රව්‍යක් වන අයිස් (ක්‍රිස්ටල් මෙත්) මෙන්ම කොකේන් සහ හෑෂ් යන මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුව ඊයේ (22) රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව දෙමටගොඩ පාර ගොස්පල් පටුමග ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.
කෘතීම මත්ද්‍රව්‍යයක් වන අයිස් ග්‍රෑම් 45යි මිලිග්‍රෑම් 700ක් ,කොකේන් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 560ක් සහ හෑෂ් ග්‍රෑම 47යි මිලිග්‍රෑම් 890ක් සැකකරු සන්තකයේ තිබී සොයා ගැනුණා.
සැකකරු වයස අවුරුදු 41ක් වූ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබෙනවා. ඔහුව අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.