ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එහි සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ රැස්වුණා.
ඒ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි.
රාත්‍රි 7.30 ට පමණ ආරම්භ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම රාත්‍රී 10.00 පමණ දක්වා පැවැත්වුණු බවයි වාර්තා වුණේ.
එමෙන්ම මධ්‍යම කාරක සභා රැස්වීමේදී පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
මැතිවරණයට එක්ව තරග කළ යුතුයි යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා වුණු බවත් මේ වන විට එකතුවීමේ ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් මෙහිදී හඳුනාගෙන තිබෙනවා. දෙපාර්ශ්වයම එකතු වීමට උනන්දුවක් දක්වන බවත් මෙහිදී කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ අනුව එහි සාකච්ඡා ඉදිරියේදී ආරම්භ වෙනු ඇති බවද මෙහිදී විශ්වාසය පළ වී තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් ද එකතුවීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙමින් ඇති බවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ තවත් කරුණක්.
විශේෂයෙන්ම මෙම සාකච්ඡාවේදී මැති ඇමතිවරු විසින් බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් පියවර පිළිබඳ ස්තූතිය පළ කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ එහි ඉදිරි කටයුතුත් ඒ ආකාරයෙන්ම සිදු කිරීමට ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ද ඉදිරිපත් වූ බවයි.