Friday, January 17, 2025

General line - 0115112241

එජාපය ශ්‍රීලනිපයට ඇඟිල්ල දිගු කරයි




පළාත් පාලන මැතිවරණය කල්ගියහොත් එහි වගකීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය භාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.

ගම්පහ ප‍්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ  "මේ මැතිවරණය ගැසට් කරලා තිබුණ මොහොතකදී.. මැතිවරණය නොපවත්වන්න ඉතා පැහැදිළිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමතිවරුන්ගේ ලේකම්වරු සහ ඔවුන්ගේ පාක්ෂිකයන් අධිකරණයට ගිහින් මෙයට විරුද්ධව කටයුතු කරමින් යනවා. ඒකෙදි පැහැදිළිව අපිට පෙනෙන කාරණයක් තමයි..මේ මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.  අපි ජයග්‍රාහණය කරනවා කියලා දැනගෙන පළාත් පාලන මැතිවරණය කල්දාන්න නොපවත්වන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩකටයුතු කරනවා. මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගකිව යුතුයි." යනුවෙනි.