Friday, January 17, 2025

General line - 0115112241

ඒකාබද්ධයෙන් සහ ජවිපෙන් එකම ඇමතිට විශ්වාසභංග දෙකක් (PHOTOS)




පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයා වෙත අද (23) විශ්වාසභංග යෝජනාවක් භාරදුන්නා. ඒකාබද්ධ විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදුන්නේ දහවල් 01ට පමණයි. මන්ත‍්‍රීවරුන් 13 දෙනෙකු ඊට අත්සන් තබා තිබුණා. 

මේ අතර අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට භාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණ ද අද කියා සිටියා. ඒ අද පෙරවරු 10ට පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.  ඒ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින්.