මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා දීමේ විශේෂ සේවාවක් අද (25) සිදු කෙරෙනවා. උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා බත්තරමුල්ල සුහුරුපායේදී මෙම සේවාව ලබාගත හැකි බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ පිළිබද චක්‍රලේඛයක් මගින් පාසල් දැනුවත් කර ඇතැයිද ඔවුන් කියාසිටියා.
මේ අතර දැනටමත් ඉල්ලූම් පත් යොමු කර ඇති පාසල් අයදුම්කරුවන්ට අදාළ ජාතික හැඳුනුම්පත් මේ දිනවල තැපැල් කරන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසුවේ. ඉදිරි දින කිහිපය ඇතුළත ඒවා අයදුම්කරුවන් වෙත ලැබෙනු ඇතැයිද ඔහු කියාසිටියා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 12 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.