යටත්විජිත යුගයේදී ශී‍්‍ර ලංකාවේ සිදුවූ මහා මිනිස් සංහාරයන් සිහිපත් කරමින් සංහාරයේ දෝංකාරය නමින් චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් අද (25) ආරම්භ වනවා. එහෙත් මෙය සාම්ප‍්‍රදායික චිත‍්‍ර ප‍්‍රදර්ශනයකට සීමා නොවූ ප‍්‍රබල දේශපාලන ප‍්‍රකාශනයක් බවයි එහි සංවිධායකයන් වන සිංහල සංගේදම කියාසිටියේ. කොළඹ, තුම්මුල්ල ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදි මෙම චිත‍්‍ර ප‍්‍රදර්ශනය පැවැත්වෙනවා. අද, හෙට සහ අනිද්දා යන දින තුනේදී මහජනතාවට එය විවෘතව තැබෙනු ඇති.
1818 ඌව වෙල්ලස් කැරැල්ලට ලබන වසරේදී වසර 200 ක් සම්පූර්ණ වනවා. සංහාරයේ දෝංකාරය චිත‍්‍ර ප‍්‍රදර්ශනය සංවිධාන කර ඇත්තේ ඒ බවද නිමිති කර ගනිමින්.