ශී‍්‍ර ලාංකික පුරවැසියන් කාලය ගත කරන්නේ කෙසේ දැයි නිවැරදිව හදුනා ගැනීම සදහා සමීක්‍ෂණයක් ආරම්භ වී තිබෙනවා. ඔවුන් කාලය ඵලදායිව යොදගන්නේද නැතහොත් නාස්ති කරන්නේ දැයි මෙමගින් දත්ත රැස් කර ගැනීමට හැකිවනු ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඇතැම් කරුණු සම්බන්ධයෙන් සමාජගත මතයන්හි සත්‍යතාව තහවුරු කර ගැනීමට ද මෙම සමීක්‍ෂණයෙන් හැකිවනු ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මෙම සමීක්‍ෂණයෙන් රැස්කර ගන්නා දත්ත වඩා ඵලදායී ජාතික ප‍්‍රතිපත්ති සකස් කිරීම සදහා දායක වනු ඇතැයිද ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව කියසිටියා.
සමීක්‍ෂණය සදහා පාදක කර ගැනෙන නිවාස ඒකක ගණන 6,500 ක්. මෙවැනි සමීක්‍ෂණ වෙනත් රටවල නිතර නිතර සිදුවුවත් ශී‍්‍ර ලංකාවේ මෙවැනි සමීක්‍ෂණයක් සිදුකරන පළමු අවස්ථාව මෙයයි.
මේ ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ.