මෙම මහ කන්නයේද වගා කළ කුඹුරු ප‍්‍රමාණය ඇස්තමේන්තුවට වඩා අඩු වී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ අපේක්‍ෂා කළ තරම් වැසි නොලැබීම මීට හේතු වූ බවයි. කෙසේවෙතත් කරන ලද වගාවෙන් ඇස්තමේන්තු ගත අස්වන්න ලැබුනහොත් රටේ මාස 7 ක පමණ සහල් අවශ්‍යතාව එමගින් සපුරා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කෙරුණා.
වැසි අඩුවීම එළවළු සහ වෙනත් භෝග කෙරෙහිද බලපා ඇත්දැයි නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.
මේ ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන්.