පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා ඉතා ඉක්මණින් විවාදයට ගැනීමට නොහැකි වනු ඇතැයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම විශ්වාසභංග යෝජනා පිළිබද සලකා බැලිය හැක්කේ අයවැය විවාදයෙන් පසුව බවයි.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව එක් විශ්වාසභංග යෝජනාවක් ඒකබද්ධ විපක්‍ෂය විසින් ගොණුකරනු ලැබුවා. තවත් විශ්වාසභංග යෝජනාවක් ගොණුකළේ ජනතා විමුක්ති පෙරමුණයි.
මේ අතර අයවැය 3 වනවර කියවීමේ විවාද මේ දිනවල පැවැත්වෙනවා. එය අවසන්නේ ලබන මස 9 වනදායි.