පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්යාම සහ අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ හැසිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවේදී අද (25) ප්‍රකාශයක් සිදු කළා. ඒ, අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ හැසිරීම සැක සහිත බව පවසමින්.
වැදගත් ගැසට් නිවේදනයක් අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකර තිබියදී සහ එම පෙත්සම නිසා මැතිවරණය පැවැත්වීමට නැවත බාධාවක් පැමිණ තිබියදීත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට හෝ ජනතාව හමුවේ කිසිදු කරුණු දැක්වීමක් සිදුකර නැතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. අදාළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී පවා අමාත්‍යවරයා අධිකරණයේ හෝ පෙනී නොසිටි බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විදෙස් ගතවී ඇතැයි ජනාමාධ්‍ය මගින් දැනගත් බවද එහෙත් එයද සැක සහිත බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පැවසුවා. ඊට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂයේ කිසිදු නියෝජිතයෙකු විදෙස්ගත නොවිය යුතු බවට අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ ආණ්ඩුව තීරණයක් ගෙන ඇතැයි වාර්තාවීමයි. ඒ අනුව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විදෙස් ගතවී ඇත්ද එසේ නම් ඒ කුමක් සදහා දැයි පැහැදිලි කරන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.