පෞද්ගලික ආයතනයක් විසින් හෙළිකොප්ටර් යානයක් යොදාගෙන උඩු ගුවනින් තේ කොළ පැකට් විසි කිරිමේ සිද්ධියක් ඊයේ (24) සවස පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙසේ උඩු ගුවනේ සිට හෙළිකොප්ටර් යානයක් මගින් යමක් මුදා හැරිම දැක ප්‍රදේශයේ ජනතාව භීතියට පත්ව වු බව සඳහන්
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් Nethnews.lk සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් විමසීමක් කළා.
එහි ප්‍රකාශිකාවක් කියා සිටියේ අදාළ සිද්ධිය පිළිබඳව සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
අදාළ පෞද්ගලික සමාගමට ගුවනින් ත්‍යාග තුන්ඩු කැබලි මුදා හැරිමට පමණක් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබාගෙන තිබුණා.
එම අවසරයෙන් පරිබාහිරව ගොස් තේ කොළ මුදා හැර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටියේ.
ඒ බැවින් අදාළ සමාගම විසින් සිවිල් ගුවන් සේවා නීතිය උල්ලංඝනය කර ඇති බවයි එහි ප්‍රකාශිකාව වැඩිදුරටත් කියා සිටියේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය ද සිවිල් ගුවන් සේවා අධිකාරියට ලිපියක් යොමු කරමින් කරුණු පෙන්වා දී තිබෙනවා.
අදාළ සමාගම සිය වෙළඳ භාණ්ඩ අලෙවි ප්‍රචාරක වැඩසටහන් මේ ආකාරයෙන් සිදුකර ඇත්තේ මහජනතාවගේ ජීවිත පිළිබඳව සැලකිල්ලට නොගෙන බවයි පාරිභෝගික සේවා අධිකාරිය සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.
මහජන ජීවිත හෑල්ලවට ලක්කරමින් කටයුතු කිරිම භායානක බවයි පාරිභෝගික සේවා අධිකාරිය පෙන්වා දුන්නේ.
මෙම සමාගම නීතිය උල්ලංඝනය කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන බවයි සිවින් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ නිමල්සිරි පවසන්නේ.