ඒ.ටී.එම්. කාඞ්පත්වලින් වංචනික ලෙස මුදල් ලබාගන්නා පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අදාළ සැකකරුවන් දෙදෙනා වංචනිකව මුදල් ලබාගන්නා ආකාරය රත්නපුර, කුරුවිට හා අකුරණ යන ප‍්‍රදේශවල ඒ ටී එම් යන්ත‍්‍ර අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවල සටහන් වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඔවුන් විසින් මේ වනවිට ලක්ෂ 3කට ආසන්න මුදලක් වංචා කර ඇති බව ද පොලීසිය සඳහන් කළා.
සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0112 320 141 හෝ
0112 320 145 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.