යාපනය ප්රදේශයේ ඉකුත් දිනවල සිදුවූ ප්රචණ්ඩ කි්රයාවලට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 11 දෙනකු පේදුරුතුඩුව ප්රදේශයේදී අත්ඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම ප්රදේශයේ අද (24) පෙරවරුවේ සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදීයි.
එම සැකකරුවන්ගෙන් ප්රශ්න කිරීමෙන් අනතුරුව 5 දෙනකු නිදහස් කර යවා තිබෙනවා.
සෙසු සැකකරුවන් 6 දෙනා අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු හෙළිව ඇති බැවින් පේදුරුතුඩුව පොලිසිය, ඔවුන්ගෙන් තවදුරටත් ප්රශ්න කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.