Saturday, January 18, 2025

General line - 0115112241

නීතිවිරෝධීව කාන්තාවක් විදේශගත කිරීමට තැත් කළ අයකු රිමාන්ඞ්

ටෝනි කරුණානායක - ගම්පහ




නීති විරෝධීව කාන්තාවක් කුවේට්හි රැකියාවක් සහා යැවීමට තැත් කළ පුද්ගලයකු ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත‍්‍රාත් අතුල ගුණසේකරගේ නියෝගයක් අනුවයි.

අදාළ කාන්තාවගේ ප‍්‍රකාශයක් මත කටුනායක ගුවන් තොටුපලේ දී සැකකරු අත්අඩංගුවට ගැණුනා.

ඔහු මෙලෙස නීතිවිරෝධීව විදේශගත කිරීමට උත්සහ දරා ඇත්තේ හම්බන්තොට ලේවායගොඩ ප‍්‍රදේශයේ කාන්තාවක්.

සැකකරු අදාල චෝදනාව සම්බන්ධයෙන්ම මීගමුව අධිකරණයෙන් ඇප ලබා සිටින පුද්ගලයකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.