යාපනය පොම්බෙවිලි ප්රදේශයේ තිබි අද (26) උදෑසන ආයුධ තොගයක් සොයාගත් බව යාපනය පොලිසිය පවසනවා.
ටි 56 ගිනි අවි 10 ක්, මෝටාර් උණ්ඩ 06 ක්, ටී 56 පතොරම් තොගයක් ඇතුළු ආයුධ තොගයක් එලෙස සොයාගෙන තිබෙනවා.
අතහැර දැමු ඉඩමක අදාළ ආයුධ තිබි ඇති අතර, පොලිසිය වෙත ලද තොරතුරක් මත ආයුධ සොයාගනු ලැබුවා.
පොලිසිය පැවසූවේ සොයාගත් ආයුධ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්රීය අංශ නිළධාරීන් පැමිණ පරීක්ෂා කළ බවයි.