හුංගම පොලිස් වසමේ රන්න ගමරාලගම ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රී 08.00 ට පමණ කැබ් රථ රියදුරෙකු විසින් යතුරුපැදිකරුවෙකු යටකරගෙන පලාගොස් තිබෙනවා.
අනතුරෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගියා.
අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ සිට අධික වේගයෙන් ගමන්කර ඇති කැබ් රථය ගමරාලගම ප්‍රදේශයේ දී මෙලෙස යතුරුපැදිකරු අනතුරට ලක් කිරීමෙන් පසු කට්ටකඩුව ප්‍රදේශයේදී තවත් යතුරුපැදිකරුවන් දෙදෙනෙකුද අනතුරට පත්කර තිබෙනවා.
ඉන් එම යතුරුපැදි දෙකේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
අනතුරින් මියගොස් ඇත්තේ රන්න ගෝටයිම්බර ගම ප්‍රදේශයේ පදිංචිව සිටි රුවන්පතිරනගේ කරුණාසේන විජේසේකර නැමති වයස අවුරුදු 49 ක් වූ දෙදෙරු පියෙක්.
මෙලෙස පලා ගිය කැබ් රථය සොයා හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.