ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඊයේ (25) පැවති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා.
ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති එම සාකච්ඡාවට දෙපාර්ශ්වය පත්කළ කමිටු දෙකෙහි සාමාජිකයන් එක්ව සිටියා.
ඒකාබද්ධ විපක්ෂය විසින් පත්කළ එම කමිටුවේ සාමාජිකයකු වූ හිටපු අමාත්‍ය මහින්ද යාපා නෙත් නිවුස් වෙත කියාසිටියේ මෙහි තවත් සාකච්ඡාවක් ලබන අඟහරුවාදා පැවැත්වෙන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කරන්නේ නම් එය කෙසේ සිදුවන්නේ ද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරෙන බවයි ඔහු කියා සිටියේ.
ඊයේ පැවැති සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එක්ව සිටියා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඊට සහභාගි වූයේ හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායකයි.