හම්බන්තොට මාගම්පුර වාරායේ සේවකයින්ගේ ගැටලූව පිළිබඳව ඉදිරි කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
සිය නිවසේදී උපවාසකරුවන් සමග පැවැති සාකච්ඡාවකදී මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
වරාය සේවකයින් ඉකුත්දා උපවාසයක් ආරම්භ කළේ සිය රැකියාව සුරක්ෂිත කරන ලෙස රජයට බලකරමින්.
අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි.කේ. ඔමේෂ් අදහස පළ කරමින් සඳහන් කළේ "මේ වන විට උදා වී ඇති තත්ත්වය අනුව දෙසැම්බර් මස 08 වැනිදා වන විට ඉතාම පොඩි වන්දි මුදලක් සමග හම්බන්තොට මාගම්පුර වාරායේ සේවය කරන සේවකයින් 464 දෙනාටම එළියට යන්න වෙලා තියෙනවා." යනුවෙනි.