Saturday, January 18, 2025

General line - 0115112241

ජනපති කොමිසම නිසා එජාපය දියාරු වෙන්නේ නෑ

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




ජනාධිපතිවරයා විසින් බැඳුම්කර සිද්ධියට කොමිසමක් පත්කළේ එක්සත් ජාතික පක්ෂය දියාරු කිරීමට නොවන බව අමාත්‍ය පී. හැරිසන් පවසනවා.

ඔහු මේ බව කියාසිටියේ කලාවැව ප‍්‍රදේශයේ දී මාධ්‍ය අමතමින්. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණා.. ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කොමිසමක් පත් කළා. දැන් ඒ වාර්තා සම්පූර්ණ වෙලා තියෙනවා..ඒ අනුව ජනාධිපතිතුමා ඒකේ ඉදිරි පියවර ගනී. ඕනෑම කෙනෙක් වැරදිකාරයෝ වුණොත් ඒ අයට අයින් වෙන්න වෙනවා. එක්සත් ජාතික පක්ෂයම ඉලක්ක කරගෙන එතුමා එහෙම කරලා නෑ." යනුවෙනි.