මරණයට පත් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්දින සැමරුම වෙනුවෙන් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පවතින ඔහු උපන් නිවස පැවති ඉඩම පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීමට උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් අද (26) උදෑසන පැවැත් වුණා.
යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් පැවසූවේ ප්රභාකරන්ගේ 63 වන උපන්දින සැමරුම් වැඩසටහන ප්රභාකරන් උපත ලද වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී අද පැවැත්වීමට නියමිත බවයි.