Saturday, January 18, 2025

General line - 0115112241

ගල්ගමුවේ "දළ පුට්ටුවා" සොයා අඛණ්ඩ මෙහෙයුමක් (PHOTOS)

දඹුල්ල - අශෝක එරමිනිගම්මන




ගල්ගමුව,සියඹලන්ගමුව ප්‍රදේශයේදී ඇත්දළ දෙකක් හා ගජ මුතු හයක් සමග සැකකරුවන් දෙදෙනකු පසුගිය 22 වෙනි දින අත්අඩංගුවට ගැනීමත් සමග දැනට අතුරුදහන්ව ඇති ගල්ගමුවේ "දළ පුට්ටුවා" නම් ඇතා සොයා වනජීවී නිලධරීන් 25 වෙනි දින සිට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

කහල්ල-පල්ලෙකැලේ,සියඹලන්ගමුව,හේරත්ගම ප්‍රදේශවල මෙම මෙහෙයුම දියත් කර ඇති බවත්, ගල්කිරියාගම, හේරත්ගම, ගල්ගමුව යන වනජීවී කාර්යාලවල නිලධරීන් මෙම මෙහෙයුමට එක්ව ඇති බව ගල්කිරියාගම වන සත්ව අඩවි ආරක්ෂක ඩි.රාමසිංහ පවසනවා.

ඉකුත් 22 වෙනි දින වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධරීන්, කණ්ඩායමක් විසින් පොල්පිතිගම,හේරත්ගම ප්‍රදේශයේදී ගජමුතු හයක් හා ඇත්දළ දෙකක් විකිනීමට ගිය පුදගලියින් දෙදෙනකු වැන් රථයක් සමග අත්අඩංගුවට ගෙන මහව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

හේරත්ගම ග්‍රාමසේවා නිලධාරියා හා වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධරියෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔවුන් සන්තකයේ තිබු ඇත්දළ දෙක ගල්ගමුවේ ඇතාට සමානකම් දැක්වීම හා එම ඇතා පසුගිය ඔක්තෝම්බර් මාසයෙන් පසු වනජීවී නිලධරීන්ට නිරීක්ෂණය නොවීම හේතුවෙන් මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බව වනජීවී අංශ කියා සිටියා.

ගල්ගමුවේ දළ පුට්ටුවා අවස්ථා කීපයකදී වෙඩි තැබීම්වලට ලක්ව වනජීවී නිලධාරින් විසින් ප්‍රතිකාර එම ඇතාගේ දිවි බෙරාගෙන තිබුණා..