මාතර, නාවිමන - උතුර, තුන්බෝධිය ප්රදේශයේ නිවසක තිබී ඝාතනය කරන ලද කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (26) පස්වරුවේ සොයා ගැණුනා.
ඒ, මාතර පොලිසියට ලද තොරතුරකට අනුවයි.
ඝාතනයට ලක්ව ඇත්තේ 82 හැවිරිදි දරුවන් 06 දෙනෙකුගේ මවක් හා 40 හැවිරිදි ඇගේ ලේලියයි.
ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඝාතනයට ලක්වනවිට ගැබිණි මවක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඊයේ (25) රාත්රියේ ඝාතනය සිදු වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
ඒ වනවිට කාන්තාවන් දෙදෙනාට අමතරව නිවසේ සිට ඇත්තේ වයස අවුරුදු 5ක සහ වයස අවුරුදු 2ක දරුවන් දෙදෙනෙකු පමණයි.
ඝාතනය සිදුවන අවස්ථාවේ මෙම නිවසේ හිමිකරු එහි සිට නොමැති බවයි පොලිසිය පැවසුවේ.
ඝාතනයට ලක්ව ඇත්තේ ඔහුගේ මව සහ බිරිඳයි. සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.