Saturday, January 18, 2025

General line - 0115112241

විදේශ රටවල් එකතු කරගෙන අපේ රට සංවර්ධනය කරනවා

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




හම්බන්තොට පවතින කිසිඳු දේපලක් අලෙවි නොකරන බවත් රාජ්‍ය දේපල විදේශ රටවලට අලෙවි කිරිම තමන් අවසන් කර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

විදේශ රටවල් එකතු කරගෙන මෙරට සංවර්ධනය කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා පැවති උත්සවයකට එක්වෙමින්.

මෙහිදී දකුණු පළාත් සභා ධිවර අමත්‍ය එච්,ඩබ්ලිවු,ගුණසේන අමාත්‍ය වරයාගේ සම්බන්ධිකරණ කාර්යාලය විවෘත්ත කිරීම හා දකුණු පළාත් සභා ධිවර අමාත්‍යංශයේ මුදල් ප්‍රතිපාදන යටතේ ධිවරයින්හට ධිවර උපකරණ බෙදාදීමේ උත්සවය පැවති අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේදීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර .

''මේ තරුණ තරුණියන්ට ඉගෙනගන්න රජය උදව් කරනවා වගේම ඒ අයට රැකියා ලබා දෙන්න අවශ්‍යතාවය තියෙනවා.

හැමෝටම බැරිවෙයි ආණ්ඩුවෙම ස්ථිර රැකියා ලබාදෙන්න. නමුත් අපි රැකියා නිර්මාණය කරන්න අව්‍යශයි.

හම්බන්තොට වරායේ, ගුවන්තොටුපලේ දාහකට අඩු ප්‍රමාණයක් තමයි සේවය කරන්නේ.

නමුත් කොළඹ වරායේ කටුනායක ගුවන්තොටුපළේ 15000කට ආසන්න ප්‍රමාණයක් සේවය කරනවා.

හම්බන්තොට වරායයි ගුවන්තොටුපළයි කොළඹ තරමට දියුණු කළොත් තව රැකියා 14000ක් වත් දෙන්න සිද්ධ වෙනවා.

හම්බන්තොට ඉදිවෙන විදුලි බලාගාරය, තෙල්පිරිපහදුව නිසාත් රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙන බවද අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී කියා සිටියා.