පිටිගල දෙල්පෝන ප්රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මහා පරිමාණ නිති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලිමට පොලිසිය අද (27) පෙරවරුවේ සමත් වුණා.
එහි තිබි නිති විරෝධි මත්පැන් ලීටර 135ක්, ගෝඩා බැරල් 45ක්, ස්ප්රීතු බෝතල් 180ක්, යකඩ බැරල් 5ක්, යූරියා කිලෝ 25ක් හා සිනි කිලෝ 50ක් ඇතුළු මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ සොයාගත් බවයි පොලිසිය පැවැසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගැණුනා.
ඔවුන් ඇල්පිටිය සහ කරන්දෙණිය යන ප්රදේශවල පදිංචිකරුවන්.