Saturday, January 18, 2025

General line - 0115112241

හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කියයි




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි සතිය තුළ අත්අඩංගුවට ගැනිමේ සූදානමක් ඇතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අද (26) ප්‍රකාශ කළා.

එහි කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න සඳහන් කළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් තමන්ට මෙම තොරතුරු ලැබුණු බවයි.

උතුරේ සංවර්ධන කටයුතු සිදුකළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සාධාරණ ද යන්නයි ඔහු ප්‍රශ්න කර සිටියේ.

කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.