Saturday, January 18, 2025

General line - 0115112241

තනතුරු වෙනුවෙන් කෙටි මාර්ග සෙව්වේ නෑ




පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අහුන්ගල්ලේදී මාධ්‍ය අමතමින් මෙලෙස අදහස් පල කළා.

එකවර සම්පූර්ණ මැතිවරණයට යාම සම්බන්ධයෙන් තමන් අපේක්ෂා කරමින් සිටිව බවයි ඔහු කියා සිටියේ.

අග්‍රාමාත්‍ය තනතුර සම්බන්ධයෙන් හා විපක්ෂ නායක තනතුර ලබාගැනීමට කිසිම අවස්ථාවක තමන් කෙටි මාර්ග සොයා නොමැති බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් අමාත්‍ය චන්දිම වීරක්කොඩි අදහස් පළ කළා.

, ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

පක්ෂ නායකයන් විසින් ගත් තීරණවලදී තමන් ඊට අවනතව කටයුතු කළ බවයි ඔහු කියා සිටියේ.

හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

සීමා නිරණය කිරිමේ කටයුතුවල තවත් අඩුපාඩු පවතින බවත් මෙවැනි ආණ්ඩුවක් රටක් සංවර්ධනය නොකරන බවත් ඔහු කියා සිටියා.