ඉන්දුනීසියාවේ බාලි දිවයිනේ ආගෙන් ගිනි කන්ද සක්‍රීය වීමත් සමග අවධානම් රතු නිවේදනයටක් නිකුත් කර තිබෙනවා.
ඒ, සංචාරක ආකර්ශනය වැඩි වශයෙන් දිනා ගත් බාලි දූපත වෙත පැමිණෙන ජාත්‍යන්තර ගුවන් සේවා ඉලක්ක කරගනිමින්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට ගිනි කන්දෙන් පිටවන දුම් අඩි දහතුන්දහස් එකසියයක් පමණ ඉහළට විහිදෙන බවයි.
මේ හේතුවෙන් ගුවන් ගමන්වලට ද දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.