Saturday, January 18, 2025

General line - 0115112241

විද්‍යා දැරිය වෙනුවෙන් උතුරේ සහ දකුණේ ජනතාව එක්වෙයි

දිනසේන රතුගමගේ, මාධව කුලසූරිය




ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා දැරියගේ 21 වන උපන් දිනය වෙනුවෙන් උතුරේ සහ දකුණේ පිරිස් එක්ව විශේෂ සැමරුමක් සංවිධාන කර තිබුණා.

ඒ ඇය ඉගෙනුම ලැබූ පුන්ගුඩුතීව් විද්‍යාලයේදීයි.

විද්‍යාලයේ ඉගෙනුම ලබන සහ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ශීෂ්‍ය ශිෂ්‍යාවන් 274 දෙනෙකුට පාපැදි ඇතුළු අධ්‍යාපන උපකරණ තොගයක් එහිදි බෙදා දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

යාපනය පුන්ගුඩුතීව් විද්‍යාලයේ ආදි ශීෂ්‍යයන් සංවිධාන කර තිබූ මෙම උත්සවයට යාපනය ආරක්ෂ සේනාංක ආඥාපති ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඉදිරියේදි විද්‍යා පදනම නමින් පදනමක් ද සංවිධාන කරන බවයි සංවිධායක පිරිස පවසා ඇත්තේ.