Saturday, January 18, 2025

General line - 0115112241

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියට මල්වතු පාර්ශ්වය හෙළා දකී

හේරත් ඒකනායකර - මහනුවර




උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියට මල්වතු මහා විහාරය අද (26) විරෝධය පළ කළා.

ඒ මහනුවර පැවති උත්සවයකදියි.

එහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් කියා සිටියේ එය රාජ්‍ය ද්‍රෝහි ක්‍රියාවක් බවයි.

සිංහ කොඩිය ප්‍රතික්ෂේප කරන පිරිස වෙනත් ආකාරයේ ජාතික කොඩියක් නිර්මාණය කිරිමට උත්සහ කරන බව කියා සිටි උන්වහන්සේ එය තරහේ හෙළා දකින බවයි කියා සිටියේ.

වව්නියාව ඉරට්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ඉකුත්දා පැවති උත්සවයකදි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය ඉකුත් සමයේ දැඩි කතාබහට ලක් වුණා.