යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමෙන් පවත්වන එළිය සම්මන්ත්‍රන මාලාවේ තවත් සම්මේලනයක් අනුරාධපුරයේදී අද (26) පැවැත්වුණා.
එහිදී අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසියම් සහතිකයක් ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ යුතු බවයි.
වසර ගණනාවක් මහන්සි වී ලබාගත් ජයග්‍රහණ සසෙක දමා බෙදුම්වාදීන්ට අවශ්‍ය කරන දේ වෙනත් ආකාරයකින් ලබාදීමට ඉඩදිය නොහැකි බවයි ඔහු කියා සිටියේ.