යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපය තුල එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට ගිය අවස්ථාවේදී සිංහල සිසුන් ඊට විරෝධය පල කිරීම හේතුවෙන් සිංහල සිසුන් හා දෙමළ සිසුන් අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් හටගෙන නේවාසිකාර තුල නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
නොවැම්බර් මස 26 වෙනිදා රාත්‍රී 7 ට පමණ ඇති වූ මෙම ආරවුල දුර දිග යාමත් සමගම සිංහල සිසුන්ට නේවාසිකාගාර තුල සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බව එම සිසුන් පවසනවා.
සිංහල සිසුන් බහුතරයක් සිටින නේවාසිකාගාර තුල ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට දෙමළ සිසුන් උත්සහ කල අවස්ථාවේදී සිංහල සිසුන් ඊට විරෝධය පල කිරීම නිසා සිසුන් දෙපිරිස අතර නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇති බව සඳහන්.
සිංහල සිසුන්ගේ ආරක්ෂාවට තර්ජන එල්ල වීම නිසා වවුනියාවේ පම්පමඩුව හා කුරුමන්කාඩු යන ප්‍රදේශවල පිහිටි නේවාසිකාගාර වලින් සිසුන් ඉවත් වී ඔවුන් වවුනියාව නගරයේ මල්වත්ත පාරේ පිහිටි විශ්ව විද්‍යාල පරිපාලන කාර්යාලය වෙත පැමිණිය ද පාලන නිලධාරීන්ගෙන් ඔවුන්ට සහනයක් සැලසී නොමැති බව වාර්තා වනවා.
පසුව එම සිසුන් පොලීසියට දන්වා තවමත් විශ්ව විද්‍යාල නේවාසිකාගාර ඉදිරිපිට මහා මාර්ගයේ රැදී සිටින බවයි අප වාර්තාකරු කියා සිටියේ.