මෙරට තුළ තහනම් සංවිධානයක් සැමරීමට කිසිදු හැකියාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.
උතුරේ පැවැත්වෙන මහවිරු සැමරුම් පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී වැඩි දුරටත් පැවසුවේ "මේ රට තුළ ත්‍රස්තවාදීන්ව සමරන්න කවුරුන් හෝ කටයුතු කරනවා නම් ඒක බරපතල වරදක්. වැඩියෙන්ම මේකට විරුද්ධ වෙන්න ඕනේ දෙමළ ජනතාවයි. දෙමළ ජනතාවට ද්‍රෝහිකම කළේ ප්රභාකරන්... දෙමළ ජනතාවට උන්හිටිතැන් නැති කළා..ඝාතනය කළා..ඔවුන්ට මේ රට දාලා යන්න වෙන තත්ත්වයට පත් කළා..ඒ නිසා මේ රට බෙදන්න උත්සහ කළ සහ රටට එරෙහි වූ ත්‍රස්තවාදීන්ව සමරන එක අපි තරයේම ප්‍රතික්ෂේප කරනවා. උතුරේ සාමාන්‍ය ජනතාවගේ මතය නෙමෙයි මේක..සුළු පිරිසකගේ අවශ්‍යතාවක් මේක..දෙමළ ජාතික සන්ධානය පවා මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔවුනුත් මේක ප්‍රතික්ෂේප කරනවා. උතුරේ ආරක්ෂක අංශ මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක කරයි." යනුවෙනි.