එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා පොදුජන පෙරමුණේ ප‍්‍රචාරක කටයුතු අද (27) ආරම්භ කෙරෙනවා.
එහි සභාපති, හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් කියා සිටියේ කළුතර බෝ සමිඳුන් අභියසින් එම කටයුතු ආරම්භ කරන බවයි.
පළාත් පාලන ආයතන කිහිපයක් වෙනුවෙන් පැවැත්වෙන මෙම මැතිවරණය ජනමත විචාරණයක් හා සමාන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.