අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (27) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනා දෙක පිළිබඳව සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.
ඔහු සඳහන් කළේ අදාළ විශ්වාසභංග යෝජනා පිළිබඳ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පැහැදිළිව සඳහන් කර නොමැති බවයි. එහෙත් එජාප මන්ත්‍රිවරු සිය පෞද්ගලික මතයන් වරින් වන ඉදිරිපත් කර ඇති බවද සඳහන් කළා.
එම සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාසභංග පසුගියදා ඉදිරිපත් කෙරුණා.