Saturday, January 18, 2025

General line - 0115112241

මරණීය දණ්ඩනය නියම වී සිටින දුමින්ද සිල්වාගේ පෙත්සම විභාගයට

අධිකරණ වාර්තාකරු




භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනා විසින් ගොනු කර ඇති අභියාචනා පෙත්සම විභාගයට අද (27) දින නියම කෙරුණා. 

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අදාළ පෙත්සම අද සලකා බැලීමෙන් අනතුරුවයි.

පෙත්සම ලබන මාර්තු මස 29 වැනිදා විභාගයට ගැනීමටයි එහිදී නියෝග කෙරුණේ. 

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය 2015 වසරේ සැප්තැම්බර් මස 08 වැනිදා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළා.

දුමින්ද සිල්වා ඇතුළු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කළේ එය අභියෝගයට ලක්කරමින්.