සිංහල ජනතාව උතුරේ පදිංචිවීමට විරුද්ධව හා ඉන්දීය රජය එල්.ටි.ටි.ඊ සංවිධානය සමග සාකච්ජා කළ යුතු බවට ඉල්ලීම් කරමින් යාපනය නල්ලුර් කෝවිල ඉදිරිපිට උපවාසයක් පවත්වමින් සිටියදි ජිවිතක්ෂයට පත්වු එල්.ටි.ටි.ඊ සංවිධානයේ හිටපු නායකයෙකු ලෙස කටයුතු කළ ත්‍යාගදීපන් දිලීපන් නමැත්තාගේ ගුණ සැමරුමක් අද(27) යාපනය නල්ලුර් ප්‍රදේශයේ දිලීපන් මියගිය ස්ථානයේදී සිදුකෙරිණා.
මහවිරු දිනයට සමගාමීව, දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් හා පළාත් සභා අමාත්‍ය ආනන්දි සෂිදරන්ගේ මූලිකත්වයෙන් දිලීපන් මියගිය ස්ථානයේ පහන් දල්වා ගුණ සැමරුම සිදු කරනු ලැබුවා.
දිලීපන් 1987 සැප්තැම්බර් 15 වැනිදා උපවාසය ආරම්භ කළ අතර, 1987 සැප්තැම්බර් 26 වැනිදා ජිවිතක්ෂයට පත්වුණා.
දිලීපන් යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ලෙස සිටි අවස්ථාවක එල්.ටි.ටි.ඊ සංවිධානය වෙත එක්ව තිබෙනවා.
ගුණ සැමරුම වෙනුවෙන් එක් වු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පැවසූවේ දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කටයුතු කළ දිලීපන් සැමරිය යුතු පුද්ගලයෙකු වන බවයි.