Saturday, January 18, 2025

General line - 0115112241

බලවතුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමේ දී ආණ්ඩුව අසමත් බවට ප්‍රකාශයක් (VIDEO)




වත්මන් ආණ්ඩුව බලවත් පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමේ දී අසමත් වී ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

එම බැවින් නීතිය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය බිඳ වැටි ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඇවන්ඩ් ගාර්ඩ් සිද්ධියේ සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරිමේ දී ආණ්ඩුව අසමත්භාවය පෙන්නුම් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

රන්මසු පුර වැඩසටහනින් පසුව අද (27) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

මෙහිදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

අමාත්‍යවරයා කියා සිටියේ සියළුම පක්ෂ නායකයන් මැතිවරණ කොමිසමත් සමග සාකච්ඡා කර ජනවාරි මාසයේ දී සියළුම පළාත් පාලන ආයතන සඳහා එකවර මැතිවරණය පැවැත්විය යුතු බවයි.

එමෙන්ම උතුරේ අද (27) සිදුකරන මහවිරු දින සැමරුම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වා සිටියා.