Thursday, May 2, 2024

General line - 0115112241

කාර් රථයේ සිටි 05කට වෙඩි තැබු සැකකරුවන් කොටු වෙයි 




පුද්ගලයින් 05 දෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධ ඉකුත් ඔක්තෝබර් මස 31 වැනිදා සිදු වූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය කළ වැටලීමකදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

බටපොළ පොලිස් වසමේ ඊරියගහදොල ප්‍රදේශයේදී කාර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස පුද්ගලයින් 05 දෙනෙකු වෙඩි ප්‍රහාරයට ලක් වුණා.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බටපොල තෙල්වත්ත ප්‍රදේශයේදීයි.

සැකකරුවන්ගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වෙඩි තැබීමට යොදා ගත් ටී 56 ගිනි අවියක්, මැගසින් 01ක් උණ්ඩ 06ක් සහ යතුරු පැදි 02ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු විසින් සිදු කර ඇති තවත් අපරාධයක් සම්බන්ධයෙන්ද හෙළි වී තිබෙනවා.

අත්අඩංගුවට පත්ව ඇත්තේ 36 හැවිරිදි හඳුන්නෙත්ති අනුර මෙන්ඩිස් සහ 27 හැවිරිදි කලුවාරච්චි හර්ෂ චන්ද්‍රපාල නැමැති සැකකරුවන් දෙදෙනායි.
 

(මේ සම්බන්ධ පෙර පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න)