Sunday, May 5, 2024

General line - 0115112241

යාපනයේ රස උදානය (PHOTOS)

මාධව කුලසූරිය




යාපනය රස උදානය ඊයේ (17) රාත්‍රියෙන් අවසන් වුණා. 

යාපනය රස උදානය ප‍්‍රදර්ශනය ආරම්භ කළේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේගේ ප‍්‍රධානයෙන් ඉකුත්15 වැනිදා යි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චිගේ සංකල්පයක් යටතේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනය රස උදානය ප‍්‍රදර්ශනය සංවිධානය කොට තිබුණා.

උතුරු පළාතේ හෝටල් හා විවිධ සංවිධාන ඒකාබද්ධ කර ගනිමින් ප‍්‍රදර්ශනය සංවිධානය කොට තිබු අතර, උතුරු පළාතට අාවේණික ආහාර වර්ග රැසක රස බැලීමටද නරඹන්නන්ට එහිදි අවස්ථාව හිමිව තිබුණා.