Friday, May 17, 2024

General line - 0115112241

ළඟ තිබෙන මුදල් නෝට්ටු වහාම පරීක්ෂා කරන්න! නැතිනම් අලුත් අවුරුද්දේ පාඩු විඳින්න වෙයි! මහ බැංකුව කියයි   

චම්ලි ඒකනායක




විකෘති කරන ලද මුදල් නෝට්ටු සන්තකයේ ඇත්නම් ඒවා වහාම ආසන්නයේම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ලබන 31දාට පෙර මාරුකර ගන්නා ලෙස මහ බැංකුව ඉල්ලා සිටිනවා . එවැනි මුදල් නෝට්ටු ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි මහ බැංකුව පවසන්නේ.

ලබන ජනවාරි 01දා සිට එවැනි නෝට්ටු ළඟ තබා ගන්නන්ට එහි වටිනාකමේ අලාභය දරා ගැනීමට සිදුවනු ඇති.

මුදල් නෝට්ටු සිතා මතා විකෘති කිරීම හෝ හානි කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත අනුව දඩ මුදලක් හෝ සිර දඬුවම් ලබාදියහැකි හැකි වරදක් වනවා. 

සාමාන්‍ය පරිහරණයේදී හානිවන මුදල් නෝට්ටු වෙනුවට වලංගු මුදල් නෝට්ටු ලබාගැනීමේ හැකියාව මහජනතාවට හැකියාව තිබෙනවා.