Friday, May 10, 2024

General line - 0115112241

ඉස්කෝලේ පරිගණක විද්‍යාගාරය කඩා පරිගණක කි‍්‍රඩා මධ්‍යස්ථානයක් අරඹන්න ගිය ගමන කෙළවර වුණ හැටි

බුද්ධික කුමාරසිරි




අතුරුගිරිය හෝකන්දර රත්න කණිෂ්ඨ විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය කඩා පරිගණක ඇතුළු උපාංග සොරකම් කළ එම විද්‍යාලයේම උසස් පෙළ  සිසුවෙකු ඇතුළු තරුණයින් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා. 

මෙම වසරේ අවස්ථා තුනකදී මෙලෙස පරිගණක සොරකම සිදුකර ඇතිඅතර පළමු අවස්ථාවේදී පරිගණක විද්‍යාගාරයෙහි සිවිලිම කඩා ඇතුළු වී පරිගණක තුනක් ද දෙවන අවස්ථාවේදී කවුළුවක දැල් ගලවා සහ තෙවන අවස්ථාවේදී දොරකඩා එම විද්‍යාගාරයෙහි තිබූ පරිගණක 15 ක් සහ පරිගණක උපාංග කොටස් සොරකම් කර  ඇති බවද පොලිසිය පවසනවා.

මෙම පරිගණක විද්‍යාගාරය කඩා පරිගණක සොරකම් කර ඇති බවට ලද පැමිනිලි මත විමර්ෂණ කටයුතු සිදුකරමින් පවතින අතරතුර හෝකන්දර විද්‍යාල හන්දියෙහි උඩුමහලක පරිගණක කි‍්‍රඩා මධ්‍යස්ථානයක් ආරම්භකිරීම සදහා කටයුතු කරමින් සිටින තරුනයින් කිහිප දෙනෙකු පිලිබදව  ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත අදාල තරුණයින්  තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පැවසුවා.

සැකකාර තරුණයින් පරිගණක කි‍්‍රඩා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා මෙම සොරකම් සිදු කළ බවත් සොරාගත් පරිගණක නිවෙස්වල සගවා තබාගෙන සිටි බවත් පරිගණක විද්‍යාලයට සොරෙන් ඇතුළු වී විනාඩි විස්සක පමණ කාලයක් තුළ පරිගණක හයක් කොටස්කර එවා කැබැලි වශයෙන් ගෙනගොස් නිවසේදී පරිගණකය සම්පූර්ණ කිරීමට කටයුතු කළ  බව සැකකරුවන් පාපොච්චාරණය කර තිබෙනවා.

සැකකාර තරුණයින්ගේ් දෙමාපියන් බැංකු  සහ පොලිස් සේවයේ නිරත පුද්ගලයින් බවත් ඉන් එක් සිසුවෙකු එම විද්‍යාලයේම උසස්පෙළ හදාරන 17 හැවිරිදි අයෙකි. අනෙක් සැකකරුවන් දෙදෙනා පන්නිපිටිය  ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන ලබා නිවසේ සිට කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන 19 හැවිරිදි අයෙකු සහ කොළඹ උසස් පාසලක ඉගෙනුම ලබා මොරටුව විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා ඇති 21 හැවිරිදි අයෙකු වනවා.

සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලබනවා.