Friday, May 10, 2024

General line - 0115112241

Facebook ජාවාරම්වලට ඔබත් හසු වුණාද? මුල් මාස 10ට අකටයුතුකම් 3400ක්




ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි හරහා සිදුවන තවත් ජාවාරමක් පිළිබද ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයට තොරතුරු ලැබී තිබෙනවා. ඒ පිළිබද කරුණු දක්වන එහි ජේ්‍යෂ්ඨ තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත කියා සිටියේ විදේශිකයින් ලෙස මිතුරු වී තෑගි එවන බව පවසා ඒවායේ තැපැල් ගාස්තු ලෙස මුදල් ගැරීමේ ජාවාරමක් සිදු කරනා බවය.
 
ඔබත් මෙම ජාවාරමට හසු වූ කෙනෙක් නම් ඒ පිළිබද පොලීසියට පැමිණිලි කරන්නැයි මෙහිදී සිහිකැදවීමක්ද කෙරුණා. නොදන්නා තැනැත්තන් සමග සමාජජාල වෙබ් අඩවි  හරහා මිත‍්‍ර සබදතා පවත්වා ගැනීමෙන් වැළකී සිටීමෙන් මෙවැනි ජාවාරම්වලින් ආරක්‍ෂා විය හැකි බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

ෆේ්ස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි හරහා සිදුවන මෙම තෑගි ජාවාරම පිළිබද නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින්ද මීට පෙර අනාවරණ කෙරුණා.

මේ අතර මෙම වසරේ පළමු මාස 10 තුළ අන්තර් ජාලය ආශි‍්‍රත විවිධ අකටයුතුකම් 3,400 කට වැඩි සංඛ්‍යාවක් පිළිබද තමන් වෙත පැමිණිලි ලැබී ඇතැයිද ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය කියාසිටියා.