Friday, May 10, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ ලියා විනෝදයට ගොස් ' ඊයේ මහ රෑ ' මහ මග අවසන් ගමන් ගිය අයියගෙයි මල්ලිගෙයි ශෝකාන්තය (PHOTOS)

සුගත් ධර්මප්‍රිය / අයිරංගි එදිරිසිංහ 




විනෝදය සඳහා යතුරු පැදි පැදීමේ යෙදුණු දෙදෙනෙකු ඊයේ (21) රාත්‍රී අකුරේගොඩ සිට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දක්වා දිවෙන අතුරු මාර්ගයේදී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් දෙදෙනා දාහත් හැවිරිදි වියේ පසුවූ සෙනවිරත්න කළුතර ලියනගේ පුලාන් සංජය සහ සෙනවිරත්න කළුතර ලියනගේ දිල්ෂාන් නම් වන දහනව හැවිරිදි වියේ පසුවූවකු වනවා.


නෑදෑ සොහොයුරන්  වන ඔවුන් දෙදෙනා ඊයේ විභාගය  අවසන් වීමේ ප්‍රීතිය නිමිත්තෙන්  මිතුරන් සමග  යතුරු පැදි පදිමින් සිටියදී වෑන් රථයක් පසුකර යාමට සුදානම් වූ අවස්ථාවේ මාර්ගයෙන් ඉවතට විසිව අනතුරට ලක්වුණා.

එක් අයෙකු එහිදීම මරණයට පත්වූ අතර අනෙක් තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොස්වත්ත රෝහලේදී.

මේ සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණය අද පැවැත්වුණේ තලංගම දකුණ හදිසි මරණ පරීක්ෂක ප්‍රේමලතා අබේවර්ධන ඉදිරියේයි.

මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුරු  කොළඹ ජාතික රෝහලට යවන ලෙස ඇය තලංගම පොලිසියට නියෝග කළා.

අනතුරෙන් මියගිය එක් තරුණයෙක් රාජගිරිය ජනාධිපති විදුහලේ සිසුවකු වන අතර ඔහු ඊයේ (21) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි බවයි එම මරණ පරීක්ෂණයේදී සඳහන් වුණේ.