Monday, May 13, 2024

General line - 0115112241

මතිත් මත්වෙලා අශෝභන රැඟුමේ යෙදුණු මුස්ලිම් කතුන් 230 ක්! නීතිය ක්‍රියාත්මක වුණේ සංස්කෘතිය ආරක්ෂා කරන්නයි




තමන්ගේ සංස්කෘතියට පටහැණිව ක්‍රියා කිරිමේ චෝදනාව මත ඉරානය එරට කාන්තාවන් 230 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුස්ලිම් රටක් වන ඉරානයේ මත්පැන් භාවිතය සපුරා තහනම් කර ඇති අතර ඇතැම් අවස්ථාවල එම තහනම නොතකා මත්පැන් භාවිත වන බවයි ඉරාන රජය පවසන්නේ.

මේ දිනවල එහි මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් පසුගියදා ඉරානයේ පැවති සංස්කෘතික උත්සවයක් එරට බලධාරින් විසින් සංවිධානය කර තිබුණා.

මෙම සංස්කෘතිය උත්සවය ඉරානයේ අගනුවර වන රෙහෙරානයේ රෑ පහන් වන තුරු පැවැත්වුණා.

එම සංස්කෘතික උත්සවයට සහභාගී වූ මුස්ලිම් කාන්තාවො පිරිසක් එහිදී මැත්පැන් පානය කරමින් අශෝභන නර්ථනයක යෙදී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

රටේ නීතියට හා සංස්කෘතියට පටහැණිව කටයුතු කිරිම හේතුවෙන් මෙම කාන්තාවන් 230 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉරානයේ පොලිසිය පවසන්නේ.

ඔවුන් සතුව තිබී විශාල නීති විරෝධි මත්පැන් තොගයක් සහ මත්ද්‍රව්‍ය තොගයක් එරට ආරක්ෂක අංශය භාරයට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය එරට තුල භීතියක් ඇති කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.