Friday, May 3, 2024

General line - 0115112241

පිලිපීනයේ ගින්නකින් 37ක් මරුට

නවෝද්‍යා ගමගේ




පිලිපීනයේ ඩවාවෝ නුවර වෙළඳ සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට ආරක්ෂක අංශ පැවසුවේ අදාළ ගොඩනැගිල්ලේ තවදුරටත් සිර වී සිටින පුද්ගලයන් බේරා ගැනීමට ද අපහසු වී ඇති බවයි.

ඒ හේතුවෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි ඔවුන් පවසන්නේ.

ගින්න්ට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාටේ අනතුරෙන් මිය ගිය සහ අතුරුදන් වී ඇති පිරිසේ පවුල්වල සාමාජිකයන් මුණ ගැසීමට ද කටයුතු කර තිබුණා.