Friday, May 3, 2024

General line - 0115112241

මරණ දඬුවම ක්‍රියාත්මක වන අවසන් මොහොතේ පියාට "goodbye" කියා සමුදුන් සිඟිති දියණිය! මව වෙනුවෙන් බිරිඳගෙන් ආයාචනයක් (VIDEO)

star tv online ඇසුරෙන්




චීනයේ මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුගේ අවසන් නිමේෂය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සීඝ්‍ර ලෙස පැතිරෙමින් තිබෙනවා.

දඬුවම නියම වූ පුද්ගලයාගේ දියණිය අවසන් මොහොතේ දී සිය පියාට "goodbye" ලෙස කියා ඔහුට සමුදීම සියළු දෙනාගේ නෙත් කඳුලෙන් තෙත් කළ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

චීනයේ හෙයිලාන් ජිංයෑං ප්‍රදේශයේ වාසය කළ වසය අවුරුදු 30 ක් වන ලී ෂියුවාන් නම් අඅයෛකුටයි චීන අධිකරණය විසින් මරණ දඬුවම නියම කෙරුණේ.

මෙම පුද්ගලයා 2015 වසරේ දී රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර දිනක් තමා මාර්ගයේ ගමන් කරන විට තම වාහනය ඉස්සර කරමින් ධාවනය වූ තවත් රථයක් සමග රේස් පැදිමේ දී වේගය පාලනය කර ගත නොහැකිව අවතුරට ලක්වුණා.

එහිදී ලී ෂියුවාන්ගේ කාර් රථයේ පෙට්ට්‍රල් ටැංකිය පිපිරී යාමෙන් එම රථයේ ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඊට අදාළ නඩු විභාගයේ දී වරදකරු වූ ලී ෂියුවාන් එරට අධිකරණය විසින් පසුගියදා මරණීය දඬුවම නියම කරනු ලැබුවා.

එම දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවේ වීඩියෝවක් අන්තරජාලයට මුදා හැර ඇති අතර එහිදී ලී ෂියුවාන් තම දරුවාට පවසන්නේ මව සමග පරිස්සමින් සිටින ලෙසයි.

එමෙන්ම සිය බිරිඳ සමග ද කතා බහ කිරිමට ඔහුට අවස්ථාව හිමි වූ අතර එහිදී ඔහු සිය බිරිඳගෙන් ඉල්ලා ඇත්තේ තමාගේ මව රැක බලා ගන්නා ලෙසයි.

මෙහිදී ලී ෂියුවාන් සිය මවද හමුවූ අතර තුන්වතාවක් සිය මවගේ දෙපා වැඳ ආශීර්වාදය ලබාගෙන සිය පවුලේ ඥාතීන්ට සමුදීමට කටයුතු කළා.

එම අවස්ථාවේ දී කඳුළු මුසුව සිය දියණිය වැළඳ ගත් ලී ෂියුවාන්ගේ කඳුළු පිස දැමු සිඟිති දියණිය තම පියාට සමුදුන්නේ "goodbye" ලෙස පවසමිනුයි.

එම අවස්ථාව සියැසින් දුටුවන් දැඩි ලෙස කම්පාවට පත් වූ බවයි වාර්තා වුණේ.