Friday, May 3, 2024

General line - 0115112241

අගාධයට යන ලොව ආකර්ශනීය kizomba කලාව (VIDEO)




ලොව වඩාත් ආකර්ශනීය නර්ථන කලාව ලෙස කිසොම්බා (kizomba) හඳුන්වනු ලබන අතර එය අප්‍රිකාවෙන් පැවත එන්නක් බවට පැවසෙනවා.

මෙම නර්ථන කලාවේ දී දෙදෙනෙකු එක්ව සිය දක්ෂතාවයන් ඉදිරිපත් කළ යුතු වනවා.

අප්‍රිකාව විසින් හඳුන්වා දුන් මෙම කලාව අද අගාධයට ගොස් ඇති බවයි එරට ශිල්පින් පවසන්නේ.

එමෙන්ම වර්තමානය වන විට මෙම කලාවට නව අංගයන් එකතු වී ඇති අතර එය නව නිර්මාණ ලෙස පවසමින් විකෘති කර ඇති බවයි අප්‍රිකානු නර්ථන ශිල්පින් පවසන්නේ.

මෙය ආකාර්ශනීය කලාවක් වන මෙහිදී කාමය හා රාගය පිළිබිඹු නොකරන බවයි එහි නිරත වන ශිල්පින් සඳහන් කරන්නේ.

පවුලේ සාමජිකයන් සමග එක්ව මෙම කලාව නැරඹිය හැකි බවද ශිල්පීන් පෙන්වා දෙනවා.

මෙම කාලාව දැනට ලන්ඉනයේ වඩාත් ප්‍රචලිත වී ඇති අතර එහි රාත්‍රී සමාජ ශාලාවල වඩාත් ආකර්ශනීය අංගයක් බවට පත්ව තිබෙනවා.

එමෙන්ම එහි ජනතාව මෙම නර්ථනය ඉගෙන ගැනීමට ද වැඩි උනන්දුවක් දක්වනවා.

අදාළ කලාව මෙවන විට යුරෝපීය රටවල ද ප්‍රචලිත වෙමින් පවතිනවා.

අන්තර්ජාලයේ ඔස්සේ පල කර ඇති වීඩියෝ ආශ්‍රයෙන් මෙම නර්ථනය බොහො පිරිසක් ඉගෙන ගන්නා බවද සඳහන්.

kizomba කලාවෙන් පසු Zumba ඇතුලු මීට සමාන නර්ථන බිහි වු බවයි අප්‍රිකානු වාර්තා පවසන්නේ.